Hot News

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක්

කසක්ස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන්සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගනනාවික අධිකාරින් අතර ගුවන්සේවා ගිවිසුමක් අත්සන් තැබීමට ඊයේ(29) කැබිනට් මණ්ඩලය විසින් තීරණය ගෙන තිබේ.‍

දෙරට අතර ගුවන්සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගනනාවික අධිකාරින් අතර ගුවන්සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-05-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණද, එකී ගුවන්සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකි වී නොමැත. යෝජිත ගුවන්සේවා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසක්ස්ථානයේ ඇස්ටානා සහ/හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන්වාර 07ක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version