ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Jeffrey Vandersay කඩුලු 6ක් දවා ගත් අතර Charith Asalanka කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.