ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බවත්, එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් ඔහු පවසනවා.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ රටට අහිමිවන බවයි ඔහු අවධාරණය කළේ.

විශේෂයෙන්ම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකල යුතු බවත් ප්‍රශ්න තිබෙනවානම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් නැතිනම් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු පරිපාලනය හා දේශපාලඥයන් අතර ගැටුම් ඇතිවූ බවත් එමගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් හෙතෙම ප්‍රකාශ කළේ.

එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් වෙන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here