මිද්දෙනිය , ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රිලංකා නිදහස් පක්ශයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බව පොලිසිය පවසනවා.
සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රැකියාව ලෙස ඇලුමිනියම් වැඩ කරන අයෙකු බවත් පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම්හල් සේවකයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසුවා.
ඉකුත් 21 දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රභාත් ඉන්දික නමැති 39 හැවිරිදි තිදරු පියෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළා.