සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා.
එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙක්.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.