Connect with us

Politics

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග අද (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024′ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 2කට ප්‍රතිලාභ හිමිවන අතර එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතය. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183කි.

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇත.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රම බලාකය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයි. 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්‍රයෙන් පහත වැටුණා.

ඉන් පසුව අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇතියි. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.

2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහායි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ.

ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.

අප එම වැඩපිළිවෙළ ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරයෙන්. මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

එහිදී අප කාෂිකර්ම නවීකරණය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තිබෙනවා. ගොවිජන සේවා කාර්යාල කෘෂිකර්ම නවීකරණ කාර්යාල බවට පත් කරනවා. කෘෂිකර්ම අංශ සියල්ල එක් ඇමතිවරයෙක් යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම වී වගාවේදී අස්වැන්න වැඩිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. නව බෝග වගාව මෙන්ම කුරුඳු වගාව අප දැන් ආරම්භ කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඉදිරියේදී සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ තිබෙන ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 341 න් අපි විදේශ විනිමය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයකින්ද, ඒ නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන එක් කර වෘත්තීය විද්‍යාල ඇති කර වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට ද අප පියවර ගන්නවා.
මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනින් පසු විදේශ ආයෝජන ලබා ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිකුණාලය, හම්බන්තොට, ඉංගිරිය, නුවර, යාපනය වැනි ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර දකුණු පළාතේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙත යාම අපේ අරමුණයි. මෙම සියලු කටයුතු සමඟ අපට අලුත් ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් අප නව නීති ගෙනවිත් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් ද අප වැඩකටයුතු කරගෙන යනවා.

පසුගිය වසර දෙක තුළ ගෙන ගිය අසීරු වැඩපිළිවෙළේදී ඔබ සියලුදෙනා ලබාදුන් සහායට මගේ ස්තූතිය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අප සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු යැයි මම සියලුදෙනාට ආරාධනා කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

2019 වගේ නැවතත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ අද හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ ලංකාවෙන්ම 4වැනි ස්ථානය ලබා ගත් දරුවකුට ලැප්ටොප් පරිගණකයක් ද ලබා දුන්නේය.

Continue Reading

Hot News

ලස්සන වෙන්න නම් යූ.එන්.පී එකට බැඳෙන්න – ජනපති

ඊයේ(14) නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව ” ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසනු ලැබුවා.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා ” මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා” යැයි සිනා මුසු මුහුණින් පැවසීය. 

උත්සව භූමිය පුරා ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලෝම ඊට සිනාසුනහ.

Continue Reading

Hot News

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවකට සූදානම් – ෂෙහාන්

අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී හෙට (15) ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ සාමූහක ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසකි.

වර්තමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජා වල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරනවා.

හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසය වන අතර ඒ වෙනුවෙන් එළෙබෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇතැයි බලාපොරොත්තු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Continue Reading
Advertisement
Hot News5 mins ago

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විස්සයි විස්ස වාර්තා පොත අලුත් කරයි

Hot News24 mins ago

පැවිදි දිවියට පිවිසෙන්න කෝටි ගණනක වස්තුව දන් දුන් ව්‍යාපාරික යුවළ

Hot News3 hours ago

කුකුල් මස් හා බිත්තර මිල යළිත් ඉහළට

Hot News4 hours ago

සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇණුමක්

Hot News4 hours ago

වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට – සැමියා අතුරුදන්

Hot News4 hours ago

2019 වගේ නැවතත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

Hot News6 hours ago

තරුණ ප්‍රජාව ගැන සිතා Instagramවලට අලු​ත් විශේෂාංගයක්

Hot News6 hours ago

ලස්සන වෙන්න නම් යූ.එන්.පී එකට බැඳෙන්න – ජනපති

Hot News7 hours ago

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

Hot News7 hours ago

ආරවුලක් දුරදිග ගොස් බාප්පා අතින් අවසන් ගමන් ගිය තරුණයා

Hot News7 hours ago

යාපනයෙනුත් කොවිඩ් මරණයක්

Hot News9 hours ago

ගත වූ පැය 24 තුළ මහ මඟ අනතුරුවලින් 10දෙනෙක් මිය ගිහින්

Hot News9 hours ago

සුනඛයින් වෙනුවෙන් හඳුන්වා දුන් නව ගුවන් සේවය

Hot News9 hours ago

උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ යන්න විශාල මගීන් පිරිසක්

Hot News9 hours ago

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

Hot News11 hours ago

අවුරුදු පාටියේ දී මිතුරෙකුට පහරදුන් කොස්තාපල්ට වැඩ වරදී

Hot News11 hours ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News12 hours ago

ගමේ ගිය අයට කොළඹ එන්න අතිරේක දුම්රිය සේවා

Hot News12 hours ago

පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකුට සිදු කළ අපරාධය

Hot News12 hours ago

සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

Hot News12 hours ago

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

Hot News12 hours ago

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ගවල ආදායම කෝටි 15 පනී

Hot News13 hours ago

අවුරුදු අනතුරුවල අඩුවීමක්

Weather13 hours ago

අදත් ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

Hot News1 day ago

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Hot News1 day ago

නීති කඩන බස් රියදුරන් ගැන කියන්න 1955 කෝල් එකක් දෙන්න

Hot News1 day ago

නිවසක ඇතිවූ ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂය​ට

Hot News1 day ago

අලුත් අවුරුද්ද ජයග්‍රහණයකින් ඇරඹූ යුපුන් අබේකෝන්

Hot News1 day ago

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Hot News1 day ago

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවකට සූදානම් – ෂෙහාන්

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News3 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News11 hours ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News2 days ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News2 days ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News3 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News5 days ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News5 days ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News5 days ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News1 week ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News1 week ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News1 week ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News1 week ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News2 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics3 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News4 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News4 weeks ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News4 weeks ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics1 month ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News1 month ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports1 month ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Hot News1 month ago

Watch : මොඩ්ලින් කරන්න ෆේස්බුක් එකේ දැන්වීම් දාලා තරුණියන්ට කරලා තියෙන අපරාධය

Sports1 month ago

Watch : කණ්ඩම්බිගෙන් බංගලි මාධ්‍යවේදීන්ට හොඳ උත්තරයක්

Hot News1 month ago

Watch : 27 හැවිරිදි දෙදරු රූමත් තරුණිය අවසන් ගමන් යවන්න හේතුව 22 හැවිරිදි අනියම් පෙම්වතා පාපොච්චාරණය කරයි

Hot News1 month ago

Watch : කැනඩාවම සලිත කල ඔටාවා සය පුද්ගල ඝාතනයේ චූදිත ෆෙබ්‍රියෝ උසාවියේදී කෙඳිරි ගාලා

Hot News1 month ago

Watch : ගිනි ගහන පෑවිල්ල අස්සේ විශාල ශබ්දයකුත් එක්ක හාලිඇලට අයිස් කුට්ටියක් වැටෙයි

Hot News1 month ago

Watch : ජනප්‍රිය රංගන ශිල්පී මහේෂි මධුෂංකාගෙන් හිරු ප්‍රධානී රේනො සිල්වාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Advertisement

Categories

Trending