නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වූ අතර ජනාධිපතිවරයා සභාව ඇමතූ අවස්ථාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සභා ගැබෙන් ඉවත්ව ගිය අතර ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි වී සිටියේ නැත.

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නේ පසුගිය වර ඉදිරිපත් කරන ලද කාරණා බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ඉෂාක් රහුමාන් සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ රැඳී සිටියා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here