Hot News

සජිත්ට ඇති කැමැත්ත ඉහළට, අනුරට ඇති කැමැත්ත පහළට – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රි ලංකාවේ ජනපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්ව 2%කින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය විසින් සමික්ෂණ ප්‍රතිඵලයකින් දැක්වෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇති හිතකරත්වය 2%කින් අඩුවී තිබෙන බව එම සමීක්ෂණයෙන් දැක්වෙනවා.

කෙසේ වෙතත් මාර්තු මාසය වන විට අනුර කුමාර මහතාට ජනතාවගෙන් 44%ක ප්‍රතිශතයක් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට 41%ක ප්‍රතිශතයක කැමැත්ත හිමිව තිබෙනවා.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාවගෙන් 8%ක ප්‍රතිශතයක් හිමිව ඇති අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට හෝ ඇයට 7%ක කැමැත්තක් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version