Connect with us

Politics

විවාදය කරන්න සජිත් නැතුව අනුර විතරයි ඇවිල්ලා

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර ඊයේ (06) විවාදය පැවැත්වීමට නියමිතව තිබූ, ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව වැඩසටහන සඳහා අනුර කුමාර දිසානයක පමණක් පැමිණ තිබෙනවා.

සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට අද සවස දැනුම් දී තිබුණේ, ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීමට සමගි ජන බලවේගයෙන් පූර්ව කොන්දේසියක් තිබූ බවයි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වන තුලාව වැඩටසටන මේ වන විට විකාශය වන අතර සජිත් ප්‍රේමදාස පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එහි අසුනක් හිස්ව තබා තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තමා සමඟ විවාදයකට පැමිණිය නොහැකි නම් තනිව හෝ රූපවාහිනී සංවාදයකට ඔහුට ඇරයුම් කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉල්ලා සිටිනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

බංකොලොත් යැයි නම් කළ ශ්‍රී ලංකාව ගාසා වැසියන් වෙනුවෙන් හැකි උපරිම සහාය ලබා දුන්නා

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (23) සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක්වෙමිනි.

හරිත් මවුලවිතුමන් විසින් යාඥා මෙහෙය සිදු කළහ.

මේ අතර ගාසා හි ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් එක්කෝටි හත් ලක්ෂ හැට නව දහස් හාරසිය දාහතක (10,769,417) ක මුදලක් පරිත්‍යාග කිරීමට අදාළ චෙක්පත ද භාරකාරීත්ව මවුලවිතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙම විශේෂ යාඥා මෙහෙයට එක්ව සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහකට ද එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට ද පෙනි සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මම මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී මෙම අවස්ථාව සඳහා ද ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙම පල්ලිය මුස්ලිම් චිත්‍ර කලාවේ හොදම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව රජකාලයේ සිට එහි ජිවත්වු පිරිසක්. මම මඩකලපුව ප්‍රදේශයට පැමිණියේ මෙහි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙම පළාතේ කෘෂිකර්මය නවීකරණය කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ද දියුණු කළයුතුයි.

අද මට මෙම අවස්ථාවට ආරාධනා කරනු ලැබුවේ ගාසා අරමුදල සඳහා ඔබගේ සහාය ලබාදීමටයි. ගාසා ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිනවා. එය කිසිඳු අවස්ථාවක වෙනස් වන්නේ නැහැ. ඊශ්‍රාලයට හමාස් සංවිධානය සමග ප්‍රශ්න තිබෙනවා නම් ඒ වෙනුවෙන් ගාසා වැසියන්ගෙන් පලි ගන්න එපා. අපට තිබෙන්නේ පලස්තීනයට විසඳුම් සොයා ගැනීමට සහාය වීමයි. අපේ ස්ථාවරය නම් වසර 05ක් තුළදී පලස්තීන රාජ්‍යය ඇති කිරීමට අවශ්‍ය බවයි. කාලසීමාවක් නැතිව කතා කර ඵලක් නැහැ. මොකද වසර 40ක්, 50ක් මේ පිළිබඳ කතා කළා. එම නිසා අප කාලසීමාවක් අනුව එම වැඩකටයුතු සිදු කළ යුතුයි.

ඊශ්‍රාලයට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය වෙනම කතා කළ හැකියි. නමුත් පලස්තීන රාජ්‍යය ඇති කළ යුතුයි. සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ අප කම්පාවට පත් වෙනවා. අපට කිසිසේත් එය අනුමත කළ නොහැකියි.

ගාසා යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ගාසා අරමුදල ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. ඒ අනුව පළමුව ඩොලර් මිලියනයක් ලබාදීමට කටයුතු කළා. අප කුඩා රටක් වුවත්, බංකොළාත් වූ රටක් ලෙස නම් කර තිබුණත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියනක මුදලක් ලබා දුන්නා. ඒ සඳහා ආධාර කරන ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔබ ලබාදුන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් මගේ ස්තූතිය පළ කරනවා.

ඒ වගේම භූමිදානය කිරීමේ ප්‍රශ්නය මෙරට මුස්ලිම් ජනතාවට විශාල ගැටළුවක්ව පැවතුනා. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන ක්‍රියාත්මක නොකර වෙනම කොමිටියක් පත් කරනු ලැබුවා. එහිදී ප්‍රශ්නයක් මතු වුණා. ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව තුළ විශාල සිත් රිදීමක් ඇති වුණා. ඒ නිසා තමන්ගේ කැමැත්ත පරිදි භූමිදානය කිරීමට හෝ ආදාහනය කිරීමට, කැමතිනම් වෛද්‍ය පීඨයට දේහය භාරදිය හැකි අන්දමින් අලුත් නීතියක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා ඉදිරියේදි එවැනි ප්‍රශ්න ඇති නොවන ලෙස අප විසදුම් ලබා දී තිබෙනවා.

මම ප්‍රමුඛත්වය දී තිබෙන්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමටයි. අපට තව ඉතා කෙටි කළකින් එම අරමුණ ඉටුකරගත හැකියි. ඉන් පසුව රටේ අනෙකුත් ප්‍රශ්න විසදා ගැනීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ වගේම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, අලි සහිර් මවුලානා, හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති කේ. එල්. එම්. ෆරීඩ්, ප්‍රධාන පූජක ඉල්හාම් මවුලවිතුමන්, මඩකලපුව හිටපු නගරාධිපති ඒ. එච්. එම්. අස්ෆර්, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සභාපති ඒ. එම්. තව්ෆික් යන මහත්වරුන් ද, මුස්ලිම් බැතිමතුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Politics

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කරමිනි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයාව දමිල චාරිත්‍රාණුකූලව පිළිගනු ලැබිණි.

පීත්ත පටිය කපා රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

අනතුරුව පැවති උත්සව සභාවේ දී කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද අද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති. පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව තිබේ.

රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මෙම වැඩසටහන කෘෂි නවීකරණ වැඩසටහනේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාවය සඳහා ද කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇතිවන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා.

අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා. ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්.

රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ඊයේ දින එම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඔබට ඉඩම් අයිතිය හිමිව තිබෙනවා. එහි ආඩම්බරය ඔබට දැනිය යුතුයි. ඒ වගේම අප දීප ව්‍යාප්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම ලබන වසර වන විට කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ක්‍රමානුකූලව මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම තුළින් ග්‍රාමිය ප්‍රදේශ දියුණු වෙනවා.

ඒ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මහවැලි ඒ සහ බී කලාප ඇතුළු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම දියුණු වෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Politics

එළැඹෙන ජනාධිපතිවරණයේදී මගේ සහය ඔබටයි ජනපතිතුමණි – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක් ලබා දෙන බවයි. ඒ වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව පැවසු ජනාධිතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය තමා භාරගන්නා බවද අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීරසාර විසදුමක් සෙවීමට අප කටයුතු කළයුතුයි. ඒ වගේම තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. නැගෙනහිර පළාත අඩු සංවර්ධිත පළාතක්. ඉදිරි වසර 05දීද එම පළාත අඩු සංවර්ධිත පළාතක් ලෙස තැබිය නොහැකියි. ඒ නිසා නැගෙනහිර පළාත දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.  එහිදි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. ඒ වගේම දිවයිනේ අනෙකුත් නොදියුණු පළාත් ද සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රදේශවලට නව කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒමට අප කටයුතු කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමග අලුත් ඉඩම් වගාකටයුතු සඳහා යොදවනවා. එමඟින් ජනතාවට විශාල ආදායමක් ලබාගැනීමට හැකි වෙනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම කටයුතු ද දියුණු කළයුතුයි. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණු කිරීම සමඟ ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම මඩකලපුව ගුවන් තොටුපොළද දියුණු කළයුතුයි. අප මෙම සංවර්ධන අභියෝගය භාරගත යුතුයි. එම අභියෝගය ජයග්‍රහණය කර නැගෙනහිර පළාත දියුණු පළාතක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ජනවාර්ගික ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට අවශ්‍ය නොවන අතර අප සියලුදෙනා එක්ව ඊට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුයි.

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

අද දිනය ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට අද දිනය පත්වන බව නොඅනුමානයි.

මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැඟෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතිනවා.  මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබාදිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසදුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබාදීම අපේ වගකීමයි.

ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් හමුවේ වුවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ද අපගේ ස්තූතිය එතුමාට පුදකරනවා.

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික නවීකරණය, ධීවර ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය, කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙන ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිවයුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට අප සහතික වෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ නිවසේ පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම එස්. වියාලේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading
Advertisement
Politics1 hour ago

බංකොලොත් යැයි නම් කළ ශ්‍රී ලංකාව ගාසා වැසියන් වෙනුවෙන් හැකි උපරිම සහාය ලබා දුන්නා

Hot News2 hours ago

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක් 

Sports2 hours ago

කොදෙව් කෙල්ලන් සමඟ සටනට එන ශ්‍රී ලංකා කාන්තා 20-20 සංචිතය නම් කෙරේ

Politics3 hours ago

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති

Hot News3 hours ago

පඬුරු බෙදා ගන්න බැරුව පුසාරිල ගුටි කෙළියක

Politics5 hours ago

එළැඹෙන ජනාධිපතිවරණයේදී මගේ සහය ඔබටයි ජනපතිතුමණි – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

Politics5 hours ago

අභියෝග හමුවේ කිසිවිටෙකත් පැන යන්න එපා

Politics5 hours ago

සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන නිසා පක්ෂ සියල්ල අපිට ගහන්න පටන් අරන් – සජිත්

Politics6 hours ago

ජනාධිපතිවරණය ඔක්තෝබර් 12ට කලින් තියෙනවා – වජිර

World6 hours ago

බංග්ලාදේශයේ සර්ප බිය ඉහළට

Hot News6 hours ago

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි

Hot News7 hours ago

මාස 6ට වැඩි දරුවන්ටත් ත්‍රිපෝෂ ලබා දෙන්න – වෛද්‍ය චමල් සංජීව

Hot News7 hours ago

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

Politics7 hours ago

බැසිල් ආවොත් නම් අපි ඉන්නේ නෑ – ලන්සා

Hot News8 hours ago

Watch : තලාවම කම්පා කළ මාරක රිය අනතුර

World9 hours ago

ඕස්ට්‍රේලියානුවන් 3000ක් උපන් ඇඳුමින් පිහිනන්න එයි

Hot News9 hours ago

රන් මාලයක් කොල්ල කා පලා ගිය දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක්

Sports9 hours ago

ඇෆ්ගනිස්තානයට ලකුණු 21ක අති විශිෂ්ඨ ජයක්

Sports10 hours ago

පැට් කමින්ස්ගෙන් තවත් කඩුලු ත්‍රිත්වයක්

Hot News10 hours ago

පැලවත්ත – නෙළුව මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන දරුණු අනතුරක්

Weather10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට පොඩි පොඩි වැසි

Sports10 hours ago

කැන්ගරුවන්ට ලකුණු 149ක ඉලක්කයක්

Sports19 hours ago

ඉන්දියාවට ලකුණු 50ක සුපිරි ජයක්

Sports21 hours ago

බංග්ලාදේශයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

Hot News22 hours ago

Watch : සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

Hot News22 hours ago

අනුරාධපුර වන්දනාවේ ගිය ත්‍රීරෝද රථය බස් රථයක ගැටේ – එකම පවුලේ මව හා දියණිය අවසන් ගමන් යයි

Hot News22 hours ago

ත්‍රිකුණාමලයේ සිසුවියන් දෙදෙනෙකු දින 5ක සිට අතුරුදන්

Entertainment22 hours ago

රසිකයෙකු අවසන් ගමන් යැවීමේ සිද්ධියකට සැකපිට සුපිරි නළුවා අත්අඩංගුවට

Politics23 hours ago

අභියෝගයට බය නැති රනිල් නැවත ජනපති කරමු

Sports23 hours ago

ඉන්දු – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News1 day ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics1 day ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports2 days ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News3 days ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News3 days ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 days ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics4 days ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports4 days ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Sports4 days ago

Watch : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

Politics5 days ago

Watch : රාජ්‍ය බැංකු දෙකට කෝටි 65,000 ක පොලු තැබූ ඇමතිවරුන් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්..!

Hot News6 days ago

Watch : පිළිමතලාවෙන් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා අලය

Hot News6 days ago

Watch : ලංකාවේ ඉඳන් නිල් චිත්‍රපටි හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක හිටපු පිළියන්දල ගෙදර පොලිසිය වටලයි

Sports1 week ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 week ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 week ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 week ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 week ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 week ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports2 weeks ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News2 weeks ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics2 weeks ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics2 weeks ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports2 weeks ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics2 weeks ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment2 weeks ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News2 weeks ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News3 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News3 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Advertisement

Categories

Trending