Hot News
සජිත් රාජපක්ෂට එරෙහි කසුන් රාජපක්ෂගේ උත්සාහය යළිත් ව්‍යාර්ථ වෙයි

DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා.
මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ.
එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින්.
එමෙන්ම තමන් යළි තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින්වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන් ද සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන ඇතැයි සඳහන්. ඒ අනුව එම නඩුව ලබන 20 වනදා කැඳවීමට නියමිතයි.
මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් ඊයේ (03) DSI සැම්සන් සමූහ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණා.
ඒ අනුව අධිකරණ නියෝග ද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබූ බවටයි වාර්තා වන්නේ.
ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ තම සේවා දායකයා මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර සමාගම් තිරසාරභාවයට දැඩි හානිකර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බව ද ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර 5 තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.
මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්ය සාධනය පිළිබඳව ද අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබුණා.
ඒ අනුව පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.
ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රුපියල් මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහායි.
DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ. එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.
Hot News
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

ඔහිය ඉඳල්ගස්හින්න අතර 148 සැතපුම් කණුව අසලදී මෙසේ පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පමා වීමක් සිදුවිය හැකි බවත් දැනට එම බාධක ඉවත් කිරීමට සේවක පිරිසක් යමින් සිටින බවත් දුම්රිය නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් රාත්‍රි වනවිට දුම්රිය ධාවනය සඳහා මාර්ගයේ බාධක ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.


Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News4 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට