2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 136 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.