සතොස හරහා රුපියල් 35කට අලෙවි කළ ආනයනික බිත්තර මිල රුපියල් 43ක් දක්වා ඉහළ දමන බව වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු පවසනවා.
ඉන්දිය බිත්තර සඳහා වෙනත් රටවලින් තිබු ඉල්ලුම ඉහළ යාම නිසා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා ගැනීමේදී මීට පෙර ආනයනය කළ ප්‍රමාණයම ගෙන්වීමට මේ වන විට අපහසුතා මතුව ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.