ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (27) පවසා සිටියා.
සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්වූ බවත් විනය මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් කාරියවසම් මහතා සඳහන් කර සිටියා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් සිදු කර තිබෙනවා.