කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජනවාරි මස 25 වෙනිදා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here