කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ ජීවිතක්ෂයට පත් ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද 27 වනදා සවස හෑදෙණිය වැරැල්ලගම මරවනාගොඩ පොදු සුසාන භූමියේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කෙරිණ.

2007 වසරේ පොලිස් සේවයට එක්ව ඇති ජයකොඩි මහතා කුරුණැගල මහව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර විවාහ විමෙන් පසුව මෙම ප්‍රදේශයට පැමිණ පදිංචිව සිට තිබේ.

සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස වසර හතකට වැඩි කාලයක් සේවය කර ඇති මොහු පසුගියදා අමාත්‍යවරයා සමඟ ගමන් කරද්දී සිදු වු අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

අනුරාධ ජයකොඩි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ සංජීව එදිරිමාන්න අනුරාධ ජයරත්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(මොහොමඩ් ආසික්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here