පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයේ 645 කෝන්කඩවල ග්‍රාම නිළධාරිවසමේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ සවස විදුලි සැර වැදී මියගොස් ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා දහවල් කාලයේ නිවසට මීටර් 300 පමණ යාබද ඔහුගේ හිතවතෙකුට අයත් ඉඩමක බුලත් වගාවක් සිදුකරගෙන ගොස් තිබුනා.
ඒ සඳහා නිවසින් ගොස් ඇති අතර සවස් යාමය වන විටත් නිවස වෙත නොපැමිනියේ මන්දයන්න සොයා බැලූ අසල්වාසියෙකු ඔහු බුලත් වගාව සිදුකල ඉඩමේ ජලය ලබා ගැනීම සඳහා කපා ඇති අනාරක්ෂිත වගා ලිද යාබද වැටී සිටිනු දැක 1990 ගිලන් රථ සේවයටද අමතා ඔවුන් පැමිනෙන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
බුලත් වගාව සදහා අවශ්‍යකරන වතුර මෝටරය සකස් කරමින් සිට ඇති අතර එහිදි මෙම විදුලිසැර වැදී ඇතැයි නවගත්තේගම පොලීසිය සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව නවගත්තේගම පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා කෝන්ඩකඩවල වයස අවුරුදු 36 හැවිරිදි අයෙකුවන අතර නමින් ඔහු W.T.M.ජගත් කුමාර වන්නිනායක නම් එක් දරු පියෙකි.
ඔහු ඇප අවලංගු වූ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයෙකි.
දේහය පිලිබද හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පුත්තලම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
රුමේෂ් ඉසුරංග
කරුවලගස්වැව