ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ ඇප ඉල්ලීම අද (10) ප්‍රතික්ෂේප කෙරුණා.

නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාරගතව තබන ලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය දැනුම් දුන්නා.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය මාර්තු 01 වන දින අත්අඩංගුවට ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here