සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (02) පෙරවරුවේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය සිදුවිය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ, ජාතික ජන බලවේගයේ කර්මාන්තකරුවන් සම්බන්ධීකරණ නියෝජිතයෙකු වන අරුණ කාන්ත බණ්ඩාරද සම්බන්ධ විය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ඇතුළු බහුදින ධීවර යාත්‍රා හිමියන් කිහිප දෙනෙකු එක් වු අතර ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ බිඳවැටී තිබෙන ධීවර කර්මාන්තය ඉතා ඉක්මනින් නගා සිටුවීම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් විශේෂයෙන්ම ලංකාවට විදෙස් විනිමය උපයා දෙනු ලබන මත්ස්‍ය අපනයනය විධිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
මාලිමාවේ පාලනයක් තුළ ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා ඔවුන්ගේ යෝජනා මාලාවක්ද මෙහිදී ලබා දෙනු ලැබූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සහායද ජාතික ජන බලවේගය වෙත ලබා දෙන බව ඔවුන් පැවසීය.