කොළඹදී පැවති සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් විවාහක තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.

වට්ස්ඇප් හරහා ව්‍යාපාරිකයා අදාල තරුණියව හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඇයට සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව තරුණිය සිය සැමියා සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසකට ගොස් තිබෙන අතර මෙම ව්‍යාපාරිකයා විසින් තම සැමියා පහත මාලයේ නවතා තමාව පමණක් උඩුමහලට රැගෙන ගිය බවත් එම අවස්ථාවේදී ව්‍යාපාරිකයා තමාට අතවර කළ බවත් තරුණිය පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here