තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීම පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශයේ විද්‍යුත් ලිපිනයට ලද පැමිණිල්ලකට අනුව එම කාර්‍යංශයේ පරිඝණක අපරාධ විමර්ශණ ඒකකයට අවශ්‍යව සිටි නවතල්වත, අලව්ව ප්‍රදේශයේ සැකකරුවෙකු පිළිබඳව වරකාපොල පොලිසියේ බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලක් යුධ හමුදාවේ සේවය කර ඇති එම තැනැත්තා තවත් කාන්තාවන්ට එලෙස අපරාධ සිදුකරන තිබේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශණය සිදුකිරීම සදහා නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ නියෝග මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශය වෙත රැගෙනයෑමට නියමිතව ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here