දිගු කලෙක සිට සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේ දී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහස කිරීම් සිදුකළ බව ද උන්වහන්සේ කීහ.
ජත්‍යන්තර මානව හිමිකම් හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (01) මල්වතු මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
සත්‍යගරුකව උපහාස උපහාස වලින් තොරව සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බවත් දේශපාලන අරමුණු වලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
ඔන් ලයින් පනතේ යහපත් මෙන්ම අයහපත් දේ ද තිබෙන බවත් මේවා නිවැරදිව තේරුම් ගැනීම වැදගත් බවත් ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජත්‍යන්තර සම්බන්ධීකාරක සුභාෂණ සුභවික්රම මහතා කීවේය.
අසත්‍ය සමාජගත කිරීම මගින් තවත් මානවයෙක් අගතියට පත්වන බවත් ඊට උදාහරණ ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බවත් කී ඒ මහතා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස ඒවා පානයට යටත්විය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව ද අවධාරණය කළේය.
නිදහස් දින උත්සවය සඳහා පෙරහුරුවේ දී පැරෂූට් සංදර්ශනයට පුහුණුවන අතරතුර අනතුරට ලක්වූ තිදෙනා ට බරපතළ තුවාල නොමැති බවට රෝහල් අධ්‍යක්වරයා ප්‍රකාශ කරත් දී කකුලකට බරපතළ හානි වූ වෙනත් සිද්ධියක ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන බවත් මේවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ගෙන එන නීති ජනතාව අනුමත කරන බවත් ඒ මහතා කීය.
පුද්ගලයෙකු ගේ දේශපාලනය හෝ ව්‍යාපාරය ඉලක්ක කර රුපියල් 5000 ක් වැයකර සමාජ මාධ්‍ය ඔස්සේ පහර ගැසීමට හැකි බව කවුරුත් දන්නා කරුණක් යැයි ද හෙතෙම පැවසුවේය.
ව්‍යාජ නම් වලින් ගිණුම් සකස් කර මඩ ගැසීමට බොහෝ රටවල අවකාශ නැති මුත් අසියානු රටවල එවැනි දේ සිදුකරන පුද්ගලයින් සිටින බවත් ඒවාට වැට බැඳීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඒ මහතා කීය.
ගොරකා දඩමස් කරන පසුබිමක් රටේ තිබෙන බැවින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් මර්දනය කිරීමට ද මේ පනත යොදා ගැනීමේ හැකියාව තිබෙන බවත් ඒවා සම්බන්ධයෙන් විරෝධතාව එල්ල කළ යුතුව තිබෙන බවත් සුභවික්රම මහතා කීය.
රජය තම දේශපාලන විරුද්ධ වාදීන් පාලනය කිරීමට හා මර්දනය කිරීමට කටයුතු කළහොත් ජත්‍යන්තර වශයෙන් ඒ සම්බන්ධව දැනුවත් කිරීමට සිදුවන බවද හෙතෙම පැවසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුව ඇති මහා වංචා දූෂණ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා ගෙන ඊට වගකිව යුත්තන්ගේ මෙන්ම වංචා දූෂණ හා අල්ලස් මගින් අයුතු ආකාරයෙන් දෙස්, විදෙස් දේපොළ හිමි කරගෙන ඇති දේශපාලඥයන්ට එරෙහිවද ජාත්‍යන්තරයට පැමිණිලි කොට හෝ එම දේපළ රාජ සන්තක කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය
ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සාමාජික ජීවන්ත වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
(කමල් සුරවීර – මහනුවර)