සිය වැඩ වර්ජනය අද 12 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
ඒ, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ය.
අද සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උද්‍ඝෝෂණ පැවැත්වෙන බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේ.
මේ අතර, වැටුප් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග වැඩවර්ජනයේ නිරත අනධ්‍යන සේවක වෘත්තිය සමිති ඊයේ සාකච්ඡා කළේ ය.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බවයි.