ජනතාවගේ ගැටලු විසදන්න මුදල් හොයන ක්‍රමය තමා හොදින් දන්නා බවත් එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න හැකියාවක් පවතින බවත් මේ කිසිවක් කලේ බලයක් නොමැතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය වසර 3ක කාලය තුල සක්වල,හුස්ම වැඩසටහන් සිදු කලේ කිසිදු කොමිස් ලබා ගැනීමකින් තොරව නමුත් මොල හතානෝලා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ නම් කොමිස් කුට්ටි පිටින් ලබා ගන්නා බවත් එම කොමිස් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ හොරු පවා විපක්ෂයේ සිට ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් එම නිසා බිය නොවී ගමට ගිහින් ජනතාවට මේ යථාර්ථය පැහැදිලි කර දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ මාතර කඹුරුපිටියේ පැවැති ජන හමුවකදීය.
විකල්පයැයි කියා ගන්නා කණ්ඩායම් කිසිවක් සිදු කර නොමැති බවත් ඔවුන් සිදු කර ඇත්තේ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරමින් බස්වලින් මිනිස්සු ගෙනවිත් රැස්වීම් පැවැත්වීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ජනතාව යොමුවිය යුත්තේ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන තැනට බවත් බොරු කයිවාරුවලට හසු වුවහොත් සිදුවන්නේ නැවතත් කරදරයේ වැටීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.