

Politics
ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම අරමුණයි – ජනපති
ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (21) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.
“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම සම්මේලනයේ දී සංශෝධනයට ලක් කෙරුණු පක්ෂ නව ව්‍යවස්ථාව ද එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.
එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත ක්‍රමයට අනුව සංවිධාන ඇති කිරීමට අවස්ථාව ලබා දෙමින් පක්ෂය ඩිජිටල්කරණය කිරීමට අදාළව මෙම සංශෝධනය සිදු කර තිබේ. ස්මාර්ට් රටට පෙර ස්මාර්ට් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පැළඳවිය.
එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “සිය රට” පුවත්පතේ පැරණි කලාපයක් එහි නිර්මාතෘ මායා කළුබෝවිල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වු අතර ජනාධිපතිවරයා එය පක්ෂයේ මහලේකම්වරයා වෙත භාරදුන්නේය.
සම්මේලනය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.
එසේම රටේ ආර්ථිකය ගොඩනඟන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ස්මාර්ට් පක්ෂයක් ලෙස ඉදිරියේ දී රට වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරට ආ යුතු බවද අවධාරණය කළේය.
මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය සඳහා සුභාශිංසන එක් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, එක්සත්ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් ද මෙහිදී සම්මේලනය ඇමතූහ.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද හිටපු අමාත්‍යවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහූ සහ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පැමිණි පාක්ෂිකයන් විශාල පිරිසක් සම්මේලනයට එක්ව සිටියහ.



Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
Politics
Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා.ශම්මි කියලද හරීන්ට ඇමතිකම දුන්නේ.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?