ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි සිසුවෙක් බවයි පැවසෙන්නේ.

කොල්ලුපිටිය, අර්නස්ට් ද සිල්වා මාවතේ, 28 වන පටුමග හන්දිය අසල දී මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගත බව පැවසෙනවා.

අත්අඩංගුවටගත් සිසුවා පොතුවිල්, අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ මෙරට ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවයි අනාවරණය වැන්නේ.

එම අවස්ථාවේ දී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා ප්‍රභූ රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කළ බවට ප්‍රශ්න කිරීමේ දී අදාළ සිසුවා ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිළිබඳව කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here