බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් වන ආර් හරිනාත් නමැති ශිෂ්‍යකු විභාගයට යමින් සිටියදී අද උදෑසන නොසිතු ලෙස මියගොස් තිබෙනවා.

අද ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටිමට උදෑසන පියා සමග පුදුකාටුව නාවලර් විද්‍යාලයේ විහාග මධ්‍යස්ථානයට යමින් සිටියදි එම ප්‍රදේශය තිබුනු කෝවිලට යන අවස්තාවේදි පපුව රිදෙන බව පියාට පැවසු හරිනාත් එම ස්ථානයේ ඇලවි තිබෙනවා.

වාහම ත්‍රිරොද රථයකින් ශිෂ්‍යා මාරතැන්න ප්‍රාදේශය රොහලට ඇතුලත් කීරීමට හරිනාත්ගේ පියා ක්‍රියා කර තිබෙනවා.

නමුත් අවාසනාවන්ත ලෙස හරිනාත් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි බලන්ගොඩ වාර්තාකරු පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here