අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (04) දිනයෙත් ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා කොළඹ, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, වවුනියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික් කාර්යාල අද දිනයේ විවෘතව තැබෙන බවයි එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින ඇතැම් අයැදුම්කරුවන් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති වීම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

ඇතැම් විභාග අපේක්ෂකයින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයැදුම්පත් පවා ඉදිරිපත් කර නොමැති බවයි ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනි දා ආරම්භ වන අතර ලබන 15 වැනි දා එය අවසන් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here