පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර ඇති බවයි.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක්  පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ  සංසරණය වුණා.

 ඒ  විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.

එම සිදුවීම මුල් කරගනිමින් නිදහස් ලකුණු කිහිපයක් ලබාදීමට කටයුතු  කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here