අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී ඇති බව වාර්තා වනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

මේ වන විට එම පැනනැගුණු ගැටලුව නිරාකරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් විභාග‍ෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here