තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20දා සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මියගිය සැකකාරියගේ සැමියා විෂ ශරීර ගතවීමෙන් මියගොස් ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට රන් ආලේප කිරීමට යොදා ගන්නා පොරම් නමැති විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළි වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.               

සැකකරුවන් හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here