තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 12ත් 1ත් අතර තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ වැටලීමකට තිදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.

පොලීසිය එහි ළඟාවීමත් සමඟ එම පිරිස් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඔවුන් අත්අඩංගුවට යාමේදී පොලිස් සැරයන්වරයෙකු සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here