සිංගප්පූරුවේ වසර 20කට අධික කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු අද (15) නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය භාර දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1965 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දා සිට සිංගප්පූරුවට අගමැතිවරු තිදෙනෙක් පත් වූ අතර, ඒ තිදෙනාම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයෙන් (PAP) එනම් ලීගේ පක්ෂයෙන් තේරී පත්වූ අයයි.
පළමුවැන්නා වූයේ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස ලෙස සැලකෙන සහ වසර 25 ක් රට මෙහෙයවූ ලී ගේ පියා වන ලී ක්වාන් යූ.
ඒ අනුව දශක දෙකකට වැඩි කාලයක් සිංගප්පූරුවේ නායකයා ලෙස ලී සිය සලකුණ තබා මෙලෙස එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.