සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය කඩුලු 4 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ජනිල් ලියනගේ නොදැවී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම 41 වන පන්දුවාරයේදී කඩුලු 6ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 2 ට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here