නලීන් එක්ක වාදෙට යන අයට​ නම් පටබැඳල අපහාස කරන එක තමා නලීන්ගෙ ප්‍රධාන උපක්‍රමය​.

පේරාදෙණිය විශ්ව විද්‍යාලායේ සිංහල අංශයේ හිටපු ලොක්ක මහාචාර්ය​ මයිකල් ප්‍රනාන්දු එයත් එක්ක දීර්ඝ වාදයක පැටලුනම​, මයිකල් ක්‍රිස්තියානිකාරයෙක් කියල ලිව්ව​. මයිකල් ඒක ඩිනයි කලාම​, නලීන් ඊට පස්සෙ ලිව්ව​, එයා හැත්තෑ ගනන්වල මයිකල්ගෙ ගෙදර යනකොට ඒ ගෙදර බිත්තියෙ කුරුසයක් ගහල තිබ්බ කියල​.

කාලෝ ෆොන්සේක එක්ක දීර්ඝ වාදයක් යනකොට​, ෆොන්සේක නොකිය පොන්සේක පොන්සේක කියල ලිව්වෙ. ඒක අපහාසෙට සහ ගොඩක් අය නොදන්න කේස් එකකට අමුණල කාලෝව මානසිකව වට්ටන්න ලිව්වෙ.

ජයදේව උයන්ගොඩ ලියන ඒවට උත්තර දෙනකොට උයන්ගෙ කුලේ ඇදල ගැහැව්වෙ.

මම රාවයට ලියන ඒවට එයා 90 ගණන් අග ඉඳන් දිවයිනේ උත්තර දෙනව​. ඔය දැන් මන්ත්‍රී, හිටපු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු මහාචාර්ය චරිත හේරත් පේරාදෙණියට නලීන්ව ගෙන්නපු වෙලාවෙ, නලීන් චරිත එක්ක කිව්වලු, “වික්ටර් අයිවන් සිංහල-බෞද්ධ සභ්‍යත්වයට ගහන්න හොඳම කෙනා දැන් තමයි හොයාගෙන තියෙන්නෙ” කියල​. චරිත කවුද කියල ඇහැව්වම “උවිඳු” කියල කිව්වලු. චරිත ඊයෙත් ඔය පේරාදෙණි සීන් ගැන ලියල තිබ්බෙ. [ ඇත්තටම අයිවන්ගෙ කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැහැ මම ලීව ඒවට​. එයා ඕව කියවන්නෙත් පත්තරේ පලවුනාට පස්සෙ, එයා එඩිටර් කෙනෙක්ගෙ රාජකාරිය හරියට කරපු කෙනෙක් නෙමෙයි]

ඉතිං 2002දි මම එංගලන්තෙ ඉඳල ආයෙ ලංකාවෙ පදිංචියට ගිහින් ආයෙ ලියන්න ගත්තම, නලීන් මට ගහන්නෙ “ලංකාවෙ පඬි අනුකාරකවාදියො පත්තරවල ලිව්වට ‘එංගලන්තෙ පත්තරවලට ගන්නෙ නැහැ’. එංගලන්තෙ ගිහින් පෙට්‍රල් ගහපු එකා” ඔය වගේ කතා කියල​. මේ මාව හොඳටම දන්න කෙනා මෙහෙම පත්තරේ ලියන්නෙ. මම එයාට පෙන්නල​ දුන්න එයාට එංගලන්තෙ පෙට්‍රල් ගහන ජොබ් නැහැ, ඕන ලොක්කෙක් ඇවිත් තමන්ම ගහගන්න ඕන ආදී වශෙයෙන් දෙවලුත්.

මම ඒකට ඕව කෝට් කරල ලිපියක් ලිව්ව “සිංහල​-බෞද්ධ උගතාගේ අඳුරු පැත්ත” කියල​. හොයාගෙන කියවන්න අවශ්‍ය අය​.

ඉතිං මට කියන්න ඕන නලීන්, නලිය නලිය නලිය​, වෙව්ල වෙව්වල කෝපයකින් විරුද්ධ මත දරණ අය එක්ක වාදෙට යන්නෙ. ඒත් ඉතිං මගේ මිත්‍රය​. ගෙදර යනව ප්ලේන්ටි ගහ ගහ කතා කරනව​. ඇමරිකාවෙ පදිංචියට ගියත්, මහරගම පදිංචිවෙලා හිටිය ගේ දිහා බැලුවත් මහාචාර්ය කමක් තිබ්බත් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරපු කෙනෙක් නෙමෙයි. එතකොට එයාව රස්සාවෙන් නෙරපල හිටපු නිසා වයිෆ් විතරයි රැකියාව කළේ. සල්ලි ප්‍රශ්ණයක්ම නෙමෙයි, එයාගෙ අල්පේච්ච ජීවන රටාවක් තිබ්බ​. එයාව කාටවත් සල්ලිවලට ගන්න පුලුවන් වෙච්ච කෙනෙක් නෙමෙයි. එයාගෙ කිසිම අදහසකට මගේ කිසිම ගරුත්වයක් නැතත් මම ගරු කරන්නෙ මුදලට විකිණෙනෙන්නෙ නැතුව තමා හිතන පතන දේ වෙනුවෙන් පෙනීසිටීමට විතරයි. මම යට පෝස්ට්ස් දෙක තුනකම ලියල තියෙන විදියට එයා දර්ශණවාදියෙක්වත්, ඔය කියන විදියට ලංකාව බිහිකරපු එකම චින්තකයා වගේ ඒව ගොන් කතා.

(Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here