අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බවය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here