දිවයිනේ සියලු ප්‍රදේශවලින් වැඩම කළ මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කර තිබෙනවා.
ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානවල සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අර්බුදයකින් ජාතියක් එතෙර කළ හැක්කේ අත්දැකීම් ඇති නායකයෙක්ට පමණක් බවත් රට අර්බුදයට පත් වූ අවස්ථාවේ නිර්භීතව රටේ වගකීම භාරගත් ජනපති ජනතාව පීඩාවෙන් මුදවා ගත් බවත් මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ පැවසූහ.