Politics
සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගී වුවාය,
කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.
කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.
හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංකේතවත්ව සිදු විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය.
මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදිමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි.
ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත්ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇඟයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය රජය කටයුතු කරන බවද පැවසුවාය.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කදුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.
Politics
දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අමතමින් පවසයි
කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.11.30 වැනිදා එම විද්‍යාලයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ප්‍රකාශ කළේ මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට සමීප වෙමින් පවතින බවයි. ඒ සඳහා දිවයින පුරා මෙයාකාරයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවීම ප්‍රමුඛ හේතුවක් බවටද පත්වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය දරුවන් වෙත සමීප කරවීමේ වටිනාකම පිළිබඳවද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මෙහිදී සිහිපත් කළාය.
මෙම අවස්ථාවට සමගාවමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන පැළඳවීමද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියගේ ප්‍රධාත්වයෙන් සිදුවිය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරාපත් කර දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරියන් හා අනෙකුත් මන්ත්‍රීවරියන් දිවුරුම් දෙන ලදී .
මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මඟින් කොලොන්නාව බාලිකා විද්‍යාලය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කළ අතර එම විද්‍යාලය විසින්ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙතද තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදී.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ විදුහල්පති ජයන්තා බලගල්ල මහත්මිය, සමාජ විද්‍යා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාසනා හෙට්ටිආරච්චි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්යතුමිය වන නිසංසලා ගල්මන්ගොඩ මහත්මිය ඇතුළු, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා හා මාධ්‍ය අංශවල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Politics
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් ගෙන එනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
මෙසේද පැවසීය.
අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.
‘සංහිඳියා’ සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම ‘සංහිඳියා සමාජය’ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.
අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.
Politics
ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports3 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්