ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙක යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම්කර තිබෙනවා.
ඊට අමතරව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.
දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.