රජරට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩම තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඒවා දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊශ්‍රාලය වැනි රටවල වගාවට උචිත පරිසරයක් නොමැති වුවත් ඔවුන් වගාවට දක්ෂ බවත් බිංදු ජල, ක්ෂුද්‍ර ජල, උස්සාන ජල යෝජනා ආදිය උපයෝගී කර ගන්නා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ කන්න දෙකකට පමණක් සීමා වි ඇති අප රටේ කෘෂිකර්මාන්තයේ වගා චක්‍රය ශක්තිමත් කර අතරමැදි කන්නයක් වුව ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසීය. එසේම ගොවියාගේ භෝගවලට ස්ථාවර මිලක් ලැබිය යුතු බවත් එහි දී ගබඩා පහසුකම් නිවැරදිව කළමනාකරණය විය යුතු බවත් මේ තුළින් ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 175 වැනි අදියර යටතේ අද අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here