Politics
සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයෙන් නිවාස

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමඟ යළි ඇරඹීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Politics
ඉවත්කළ වීදි ආහාර අලෙවිසැල්වලට වෙනත් තැනක් ලබාදීමට මම බැඳිලා නැහැ

මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට එය ඉවත් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.
Politics
ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන ගියා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බවත්, අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපට පසුගිය වසරේ සිට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් නිසා ඇතැම් විදෙස් රටවල් සමඟ අපේ සම්බන්ධතා පළුදුව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා.
එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීම රජයේ අරමුණ බව කිවයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ සියලුම රටවල් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගැනීමයි. කිසිවකු සමඟ අමනාප නොවීමටත්, කිසිදු කඳවුරකට ගැති නොවීමටත් එහිදී වගබලා ගනු ඇතියි.
මෙම මිත්‍රශීලි සබඳතා තුළ රට වෙනුවෙන් ෙඑතිහාසික පියවර ගණනාවක් ගැනීමට අප සමත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සමාජය තුළ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වලට වඩා ඉහළින් සිටින රටක් වශයෙන් අපේ රටට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අපටම ආවේණික වූ යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදු වුණා. එහිදී පැරිස් සමාජයෙන් පිටත සිටින ඉන්දියාව චීනය සහ ජපානයේ ද සහාය ලැබීම හේතුවෙන් පැරිස් සමාජය තුළින් යම් යම් උපකාර ලබා ගැනීමට අපට හැකි වුණා.
ඒ අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය ලබාදීමට පසුගිය මාසය වන විට සියලුම රටවල් එකඟත්වය පළ කළා. මේ නිසා අනිකුත් රටවල්වලට සාපේක්ෂව අප රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම දෙසැම්බර් 12 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා.
මෙම දෙවැනි වාරිකය ලබා ගැනීමට සමත්වීම තුළ ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තරයේ පිළිගැනීම වී තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉන්දියාව, චීනය මෙන්ම බටහිර රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු සියලුම රටවල ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ ඉවහල් වූ බව කිවයුතුයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසු අපේ රට බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට ලෝකයට ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙරට ජනතාව ඉතා අසීරු කාලයක් පසු කළා. නමුත් අද වන විට ක්‍රම ක්‍රමයෙන් රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ණය ගෙවීමේ ප්‍රමාණය අඩු කර ගැනීම සහ පොළිය අඩු කර ගැනීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක සහනයක් රටට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට නම් නව ආයෝජකයන් අවශ්‍යයි. ඒ සඳහා වූ වැඩපිළිවෙල දැන් අප ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකිවෙයි කියා අප විශ්වාස කරනවා.
Politics
වතු කම්කරුවන්ගේ වැඩි කරන වැටුප් ප්‍රමාණය ගැන දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන්න

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා විය.
රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.
ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-
Hot News3 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News20 hours ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News3 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News3 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World2 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News4 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News2 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News2 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්