වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් විසින් ඌව කුඩාඔය තිස් අට ප්‍රදේශයේ නිවසක සූදුපොලක් වටලා තිබෙනවා .

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිළධාරීන් දෙදෙනාට පහර දී ඇති අතර පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමටයි අනෙකුත් පොලිස් නිළධාරීන් කටයුතු කර ඇත්තේ .

ඊට අමතරව සැකකාර නිවසේ සිටි පුද්ගලයාද පොලීසිය තමන්ට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී තිබෙනවා .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here