ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරිවරයා හා තොග පාලකවරයායි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here