හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අද (07) පාර්ලිමේන්තුවෙදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

වලේබොඩ මන්ත්‍රීවරයා විසින් හෙද සහ ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමසූ අතර ඊට පිලිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ තීරණය සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බැවින් ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කිරීමට කැබිනට් පතිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. නමුත් එම වයස අවුරුදු 61ට වඩා දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් තීරණයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here