Connect with us

Article

හඳ දෙස නොව රංගේ දෙස බලන්න….(ආචාර්ය මහේෂ් හපුගොඩ)

මෑත කාලේ ලංකාවේ දේශපාලනයේ කරපු ආන්දෝලනාත්මකම කතාව නැත්නම් ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර.

ඒ රනිල් වෙනුවෙන්. රනිල්ගේ ”සේවා දිගුව” වෙනුවෙන්. වෙනත් විදියකින් කියනවා නම් එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ කරමින් ඉන්න ‘දේශපාලන ව්‍යාපෘතිය’ වෙනුවෙන් (political project).  

ඒ ප්‍රකාශය නිසා පොර අම්ම මෝ නැතුව බැණුම් ඇහුව. ඒ ප්‍රධාන දේශපාලන ධාරාවේ කට්ටිය අතින් විතරක් නෙවෙයි. සිවිල් සංවිධාන, හාමුදුරුවරු විතරක් නෙවෙයි පැන්ෂන් ගිය මැතිවරණ කොමසාරිස්වරු පවා පොරට බැන්න. ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ අයත් පොරට බැන්න. සමහරු කිව්වා පොරට මොළේ පරීක්ෂා කරගන්න කියලත්. පුත්තලම් බූරුවා කියලත් කිව්වා.

අවම වශයෙන් රනිල් උනත් මුට්ටියට ගුටි වදින බව දැනගෙන රංගේ වෙනුවෙන් කෙලින් යමක් කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අය හිටියේ රංගේ ගුටිකනකල් බලාගෙන. එයාලගේ හිතේ වුනත් නිකම් තියෙන්න ඇති රනිල් ප්‍රොජෙක්ට් එකේ ඉන්න ඕකට ඔහේ ගුටි වැදියං කියල. රංගේගේ පැත්තෙන් මේ නිසාම ලොකු පීඩනයක් ඇති.

බලන්න දේශපාලන ප්‍රොජෙක්ට් එකක් අදින්න ගියාම මනුස්සයකුට වෙන දේ…

මේ විදියට ප්‍රකාශයක් මේ වෙලාවේ කළාම කොල්ලගෙන් බල්ලගෙන් හැමොගෙන්ම බැණුම් අහන්න වෙනවා කියන එක රංගේ නොදැනගන්න එයා තොත්ත බබෙක් නෙවෙයි. එයා දැනගෙන හිටිය කරන වැඩේ තියන ආනිසංස. හැබැයි එහෙම දැනගෙන රංගේ ඒ අවදානම ගත්තේ ඇයි?

වැඩේ තියෙන්නේ ඇත්තටම රංගේ කිව්ව විදියට දේශපාලන චිත්‍රය දිගහැරුණොත් කියන එක ඇතුලේ.

ඒ කියන්නේ හයිපතිටිකලි සජබේ කට්ටිය ගොඩක් රනිල් එක්ක එකතුවෙලා, පොහොට්ටුවේ කට්ටියත් සෙට් වෙලා, තුනෙන් දෙක හැදිලා, ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙලා, අන්තිමට ජනමත විචාරණයකට ගිහිල්ල, මිනිස්සුත් රනිල්ට කැමති වෙලා රනිල් දින්නොත් ඇත්තටම රංගේ එයාලගේ පැත්තෙන් වීරයෙක් වෙනවා. ලොකු තානාන්තර හම්බ වෙනවා.

හැබැයි මේක ලත් තැනම ලොප් උනොත් පොර හැමෝගෙම ද්‍රෝහියෙක් වෙනවා. අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂය උනත් කියයි ඒක රංගේගේ කටට ආවට කරපු හිතුවක්කාර ප්‍රකාශයක් කියල. පොර ද්‍රෝහියෙක් කරලා අනික් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදයේ, සර්වජන චන්දබලයේ මුරදේවතාවුන් වෙනවා.

දේශපාලන ව්‍යාපෘති කියන්නේ එහෙම අවදානම් දේකට. හරි ගියොත් හරි නැත්නම් සුං. සුං කියන්නේ සුනේ සුං.

මේ සටහන ලිව්වේ රංගේ බණ්ඩාර දේශපාලනයේදි ගත්ත ඒ අවදානම වෙනුවෙන්.

ඒ අවදානම නැතුව දේශපාලනයක් පවතින්නේ නැහැ. පැවතුනත් ඇති ලස්සනක් නැහැ.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

ප්‍රභූ දේශපාලක බොරු වලකින් ගොඩ ආ නිර්ප්‍රභූ රන්ජා – (තිලක් සේනාසිංහ)

මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ජනප්‍රිය

නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ ආන්දෝලනාත්මක නඩු විභාගය වසර13 කට පසු ඉකුත් 12 දා නිමාවට පත් විය. ඒ ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමිනි. ඔහු එලෙස නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක නියෝග කොට තිබිණ.

මෙම නඩුවට නිමිත්ත වූයේ රන්ජන් රාමනායක තමන් විවාහ කරගන්නා බවට පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට ඉහත කී කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකි.

රන්ජන් රාමනායක තම පෙම්වතා වේශයෙන් පෙනී සිටිමින් විවාහ වන බවට දිවුරා තම මුදල් වංචා කළ බවක් පවසමින් නාමල් විජේරත්න නමින් පෙනී සිටි එම පාසල් ගුරුවරිය කාන්තාවකට මුහුණ දීමට සිදු වන අසාධාරණයකට ලක් නොවූ අහිංසකාවියක නොවන බව මෙම නඩුව විභාග වන අතරතුර සනාථ විය.

සිය හරි නම පවා අධිකරණය හමුවේ ඔප්පු කරන්නට නොහැකි වීමෙන් 2017 දී අත්අඩංගුවට පත් වූ ඇය, කාලයක් ඇප නොලබා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටියා ය. 1956 උපත ලද උදයංගනී දයානී අශෝකමාලී නමිනුත් 1958 දී උපත ලද අශෝකමාලී වින්ද්‍යානි නමිනුත් 1968 උපත ලද නාමල් විජේරත්න යන නමිනුත් නම් තුනකින් පෙනී සිටි මෙම කාන්තාව සතුව උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් තුන බැගින් තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය විය. එබැවින් මහනුවර වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව ඇය මෙම නඩු විභාගය අතරතුර අත්අඩංගුවට ද පත් වූවා ය. 

එමෙන්ම එම කාන්තාව ගුරුවරියක ලෙස පෙනී සිට ඇත්තේ ද 1968 උප්පැන්නය අනුව යමිනි. එයට අනුව ඇගේ සැබෑ වයස අවුරුදු දොලහකින් අඩු කරගෙන තිබිණ. මේ හේතුවෙන් වසර 22 ක් තිස්සේ කූඨ ලේඛන ඉදිරිපත් කර රජයේ සේවයේ නියැලීම හා වේතන ලබාගැනීම නිසා ද ඇයට චෝදනා එල්ල විය.

රන්ජන් රාමනායක තමාගේ පෙම්වතා ලෙස සිටි බව කියූ මේ ගුරුවරිය ඔහු තමා විවාහ කරගන්නා බවට පොරොන්දු දී ලක්ෂ 10ක මුදලක් ඉල්ලාගත් බවත් එය නැවත නොදී වංචා කළ බවත් පවසා මුලින්ම මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළේ 2010 ජනපතිවරණ සමය ආසන්නයේ දීය. එය රන්ජන් රාමනායකගේ දේශපාලන පන්නරය හොඳින්ම කැපී පෙනුණු යුගයකි. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රාමනායක එවක විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේ ය.

රංජන්ගේ පෙම්වතිය තමන් යයි නීතිය හමුවේ පවසා සිටි මේ කාන්තාව තමා දිගු කලෙක පටන් රංජන් හා විවාහවීමේ අදහසින් ආශ්‍රය කළ බවත් එම විවාහ පොරොන්දුව කඩ නොකරන බවට රංජන් දිවුරා කියා සිටි බවත් කියා තිබුණි. කෙසේ වෙතත් තමාට කිසි දිනක මේ කාන්තාව හමු නොවූ බවත් තම රසිකාවියක ලෙස ලබා දුන් ඇමතුමකට අනුව ඇය සමඟ දුරකතනයෙන් කතා කළ බවත් රන්ජන් පවසා තිබිණ. සිනමා නළු උන්මාදයෙන් පෙළෙන මේ වැනි රසිකාවන් තමාට ඕනෑ තරම් හමුවී ඔවුනට විවාහ පොරොන්දු දීමට තරම් මානසික ව්‍යාධියක් තමන්ට නොමැති බවත් කී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර නියෝජනය කළ දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ඇමතිවරයකුගේ තොරොට්ටුවක් මත මෙම නඩුව දිගින් දිගට ඇදෙමින් තමාට මඩ ගැසීමට භාවිතා කළ බවය.

මුලින්ම එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල මත, අපරාධ විමර්ශෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත නිදහස් කොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරි පත් කරන ලදී. කෙසේ නමුදු ඔහු ගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චෝදනාව එල්ල කළ ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කළ පොලිස් පරීක්ෂණ මගින් ද අවසානයේ තහවුරු විය. නමුදු මෙම නඩුවට මුහුණ දීම සඳහා ගත වූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය වූ බවත් තම විදේශ ගමන් කිහිපයකට ද ඉන් බාධා එල්ල වූ බවත් පසුගිය දා නිදහස් වීමෙන් පසු රන්ජන් මාධ්‍යයට කීය.

රන්ජන් රාමනායක යනු නූතන දේශපාලන සේම සමාජ කරලියේ ද දක්නට ලැබෙන අමුතුම මාදිලියේ චරිතයකි. ගත වූ කාලය තුළ ඔහු ගේ දේශපාලන භාවිතාවෙන් පෙනී යනුයේ ඔහු නිර්ප්‍රභූ දේශපාලනය මාධ්‍ය කර ගනිමින් තම ගමන් මඟ සකසා ගෙන තිබූ බවකි. මේ වන විට අප සමාජයේ මුල් බැස ගත් ප්‍රභූ දේශපාලන තුළ “දුප්පතා ගේ හිතවතා” යන ජනප්‍රිය භූමිකාවක් ද තිබේ. දේශපාලනයේ යෙදෙන අතරේ ගම් දනව් පුරා යමින් අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම මෙම “දුප්පතා ගේ හිතවතා” ප්‍රභූ දේශපාලන අංගයේ දී හොඳින්ම කැපී පෙනෙයි.

එමෙන්ම ඔවුහු කිසි විටෙකත් තම වත් පොහොසත්කම් පිළිබඳව හෝ එසේ ජනතාවට සහන සළසන්නට තමනට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ජනතාවට නොකියති. එහෙත්, රන්ජන් රාමනායක එසේ නොවේ. තමන් මිල මුදල් පරිභෝජනය කළ ද පෞද්ගලික වශයෙන් තමන් සතුව කිසිදු ධන සම්පතක් නොමැති බව ප්‍රසිද්ධියේම කියා සිටින්නෙකි.

එපමණක් නොවේ. එලෙස තමන් සතුව කිනම් හෝ වත් පොහොසත් කමක් තිබේ නම් එය ඔප්පු කර පෙන්වන මෙන් ප්‍රසිද්ධියේ අභියෝග කරන්නෙකි.

එමෙන්ම ඔහු ජනතාව අතරේ කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙනුයේ ද කිවහොත් ජන මාධ්‍ය කරුවන් සමඟ කරන කතා බහ වල දී ඔහු තරම් “මල්ලී” යනුවෙන් මාධ්‍ය කරුවන් අමතන දේශපාලනඥයකු කට වහරට අනුව කිවහොත් මේ තුන් ලෝකයේම නැති තරම් ය. එමෙන්ම වත්මන් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යනුවෙන් කළ සරල ප්‍රකාශනය තුළ ගැබ් වුණු දේශපාලන යථාර්ථය කෙතරම් ජන ගත වී තිබේ ද යත් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යන්න සඳහන් ත්‍රිරෝද රථ ද පාරේ දිවෙනු දක්නට පුළුවන.

රන්ජන් ගේ මෙම නිර්ප්‍රභූ දේශපාලනය පෙරදිග: විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සංස්කෘතිකාංගයකි. ඒ බව බොලිවුඩ් කොලිවුඩ් ආදී නම් වලින් හැඳින්වෙන ඉන්දීක සිනමා කෘති වලින් ද පැහැදිලි වේ. රන්ජන් තුළ මේ නිර්ප්‍රභූ “දේශපාලන උණ” කෙතරම් උග්‍රව තිබිණි ද යන්න වත්මන් දේශපාලන ක්‍රමය කුරිරු උපහාසයට ලක් කරන පාර්ලිමන්ට් ජෝක්ස් සේම දිළින්ඳන් අතුරින් මතු වන ජනතා වීරයා ගේ භූමිකාව නියෝජනය කරන රන්ජා වන් ෂොට් ආදී චිත්‍රපට වලින් පැහැදිලි වේ. එම චිත්‍රපට වල අධ්‍යක්ෂණය සේම ප්‍රධාන නලුවා ද රන්ජන් ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරක් කිසියම් විපක්ෂ දේශපාලනඥයකු තමන් නන්දසේන යන නමින් ඇමතීම පිළිබඳව මාධ්‍ය මඟින් ඔහුට අනතුරු හැඟවීමක් කළ අයුරු අපට මතක ය. ඒ එමඟින් තමන්ට මදි පුංචි කමක් වී ඇතැයි සිතමිනි. එහෙත් ගෝඨාභය ගේ උප්පැන්නයේ සඳහන් නම ද ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ය. නමුත් රන්ජන් යන නම අදත් ඔහුගේ හිත මිතුරන් බොහෝ දෙනකු උසුරුවනුයේ රන්ජා යනුවෙනි. නමුත් ඔහු ඒ නමට කොතෙක් ඇළුම් කරන ලද්දේ ද යන්න එනමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කිරීමෙන්ම පැහැදිලි වේ.

මෙය ප්‍රභූ දේශපාලන සහ නිර්ප්‍රභූ දේශපාලන වෙන් කොට ගත හැකි නිර්නායකයක් නොවේ. එහෙත් යමකුට ඒ සම්බන්ධයෙන් මූලික දිශානතියක් පෙන්ව මං සළකුණකි. රන්ජන් ගේ මාදිලියේම නිර්ප්‍රභූ දේශපාලනය ප්‍රායෝගික තලයට ගෙනා තවත් සුවිශේෂ චරිතයක් වූයේ පසුගිය දිනයෙක හදිසි අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ය. ජනතාවට අත් වන දුක් පීඩා හමුවේ හැඳිවත පවා අමතක කොට ඒ වෙනුවෙන් සටන් කරන ඔහු ගේ එම ජනතා සහනාධාර වැඩ සටහන තමන් ද ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කළ බව පාලිත තෙවරප්පෙරුම ගේ අවමඟුලේ දී රන්ජන් කීය. එය ද නිර්ප්‍රභූ දේශපාලනයට ආවේණික අව්‍යාජත්වය එළිපිට කියා පෑමකි.

තම හිත මිතුරන්ට දිරච්ච ලනු දීම සම්බන්ධ ආචාර්ය උපාධි සුදුසුකම් හිමි කර ගත හැකි නම් රන්ජන් එවැනි උපාධි එකක් නොව දෙක තුනක්ම ලබා ගන්නා බවට පුද්ගලිකව සහතික වීමට මට පුළුවන. එහෙත්, විස්මයට කරුණ එය නොවේ. ඉහත සඳහන් චෝදනාවට මුල් වූ තොරොට්ටු සහිත ප්‍රභූ දේශපාලනයේ ජඩ බව පිළිබඳ හෝඩිය වත් රන්ජන් නොදැන සිටීම ය. ඒ බවට ද ඉහත සඳහන් පරිද්දෙන්ම පෞද්ගලිකව සහතික වන්නට මට පුළුවන.

නමුත් රන්ජන් ගේ දේශපාලන මාදිලිය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ද තිබේ. එනම් වත්මන් දේශපාලනය තුළ පවත්නා ප්‍රභු දේශපාලන සංස්කෘතිය අබිබවා රන්ජන් නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනයට තැනක් හිමි වන බවක් නොපෙනීම ය. නමුත් එනිසාම “අනේ ඒකට ඉතින් අපි මොනවා කරන්නද?” යනුවෙන් කර බා ගෙන හිඳින්නට කිසිවකුටත් නොපුළුවන. ඒ ජනතා පරමාධිපත්‍යය කියා දෙයක් තවමත් මේ රට තුළ ඇති බැවිනි.

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී

(උපුටා ගැනීම- vinivida.lk)

Continue Reading

Article

ක්‍රිකට් සහ ලංකාව – (එරන්ද ගිනිගේ)

ලංකාවේ ක්‍රිකට් කතාව හරි අපූරු එකකි. කාලයක් තිස්සේ එය තිබුණේ කුලීන පවුල් සහ ප්‍රභූ පාසල් අතර ය.

පසුව ක්‍රමයෙන් ගමේ කොල්ලන්ට ද ඒ සඳහා අවස්ථාව ලැබිණි. සීමිත සම්පත් සහ අභියෝග මැද එහෙත් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඔවුන් එදා ක්‍රිකට් සෙල්ලම් කළේ ය.

ඒ හේතුවෙන් 1996 වසරේ ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරදා ලංකාව ලෝක කුසලානය දිනා ගත්තේ ය. එයත් සමග ලංකාවේ ක්‍රිකට් හී ස්වර්ණමය යුගය උදා විය. බොහෝ තරග දිනා ගත්තේ ය. මුදල් ගලා ගෙන ආවේ ය. ක්‍රිකට් සෙල්ලම්කාරයන් පොහොසතුන් විය. ලංකාවේ ක්‍රිකට් උම්මත්තකයින් (fans හෙවත් fanatics) කමින් බොමින් පපරේ රිද්මයට නටමින් උපරිම විනෝදයෙන් ආතල් එකේ සිටියේ ය. නමුත් ඒ යුගය පැවතුණේ කෙටි කාලයකි.

ටික කාලයක් යත්ම ලංකාවේ ක්‍රිකට් පරදින්නට විය. පිට පිට තරගාවලි පරදින්නට විය. ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල අඩියටම වැටුණේ ය. ක්‍රිකට් සෙල්ලම්කාරයන් වෙනස් කර දැම්මත් වෙනසක් නොවී ය. තරග පරාජය වන හැම විටම ලංකාවේ ක්‍රිකට් උම්මත්තකයින් ෆේස්බුක් එකේ කුණුහරුප කියමින් බැන වැදුණේ ය. පාලන අධිකාරියට දූෂණ චෝදනා කළේ ය. සියලු දෙනාගේ ආතල් කුඩු වී ගියේ ය. අද වන විට ලංකාවේ ක්‍රිකට් ගැන කිසිදු බලාපොරොත්තුවක් නැත. මේ කතාව සහ ලංකාව අතර ඇත්තේ පුදුමාකාර සමානකමකි.

ලංකාවත් කාලයක් කුලීන පවුල් සහ ප්‍රභූන් අතින් පාලනය විය. පසුව ලංකාව පාලනය කිරීමට ගමේ කොල්ලන්ට ද අවස්ථාව ලැබිණි. අනේක ගැටලු සහ අභියෝග මැද ඉබි ගමනින් පැමිණි ලංකාව 2009 වසරේ කොටි ත්‍රස්තවාදීන් පරදා නිදහස දිනා ගත්තේ ය. එයත් සමග ලංකාවේ ස්වර්ණමය යුගය උදා විය. ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත් විය. ඒක පුද්ගල ආදායම තුන්ගුණයකින් වැඩි විය. නගරයේ මෙන්ම ගමේ ලාංකිකයාත් පොහොසතුන් විය. ලංකාවේ වැසියන් කමින් බොමින් නටමින් ට්‍රිප් යමින් උපරිම විනෝදයෙන් ආතල් එකේ සිටියේ ය. නමුත් ඒ යුගය පැවතුණේ කෙටි කාලයකි.

ටික කාලයක් යත්ම ලංකාවේ සංවර්ධනය වැටුණේ ය. ආර්ථික වර්ධන වේගය බිංදුවටම වැටුණේ ය. ණය ශ්‍රේණිගත කිරීම්වල අඩියටම වැටුණේ ය. ආණ්ඩු වෙනස් කළත් වෙනසක් නොවී ය. අර්බුද මතු වන හැම විටම ලංකාවේ වැසියන් ෆේස්බුක් එකේ කුණුහරුප කියමින් බැන වැදුණේ ය. දේශපාලන නියෝජිතයන්ට දූෂණ චෝදනා කළේ ය. සියලු දෙනාගේ ආතල් කුඩු වී ගියේ ය. අද වන විට ලංකාවේ අනාගතය අවිනිශ්චිත ය. අරමුණක් නැත. දැක්මක් නැත. සියල්ල හිස් වී ඇත. 

කතා දෙක සමානයි නේද? එහෙත් ඇයි එහෙම වුණේ? 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනන විට හිටියේ දුක් කම්කටොළු අමාරුකම් දන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් ටිකකි. පසුව සියලු දෙනාට ඒ අමාරුකම් අමතක වී ගියේ ය. දැන් ක්‍රිකට් ගහන උන්ට එහෙම අමාරුකම් තිබී නැත. සැබෑ අමාරුකම් දැනී නැත. ලංකාවේ වැසියන් ද එසේය. 2009 වසරේ නිදහස දිනාගත්තේ ඒ මහා අමාරුකම් දුක් කම්කටොළු දන්නා මිනිසුන් විසිනි. පසුව සියලු දෙනාටම ඒ අමාරුකම් අමතක වී ගියේ ය. දැන් ඉන්නේ 2000 න් පසුව ඉපදුණු සැපට හැදුණු විනයක් හික්මීමක් නැති ආගම ධර්මයක් නැති බක පණ්ඩිත දුර්වල ළපටියන් ටිකකි. ඔවුන්ට ජීවිතයේ සැබෑ අභියෝගවලට මුහුණ දී ජයගැනීමට නොහැකි ය.

එමෙන්ම 1996 යුගයේ ක්‍රිකට් සෙල්ලම් කළේ රට වෙනුවෙනි. ඒ ක්‍රීඩකයන්ට රට ගැන ආදරයක් තිබිණි. තමන්ගේ රට ඉහළට ඔසවා තැබීමට ඔවුන්ට දැඩි ආසාවක් තිබිණි. නමුත් දැන් සෙල්ලම්කාරයන්ට එහෙම හැඟීමක් නැත. ඔවුන් සෙල්ලම් කරන්නේ තමන් වෙනුවෙනි. ඔවුන්ට විනයක් නැත. නයිට් ක්ලබ් ගානේ රස්තියාදු වෙමින් ගණිකාවන් සමග රමණයේ යෙදෙමින් ඔවුන් සොයන්නේ පුද්ගලික ආත්ම ජොලියකි. 1996 යුගයේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරගාවලියකට පිටත් වීමට පෙර ත්‍රිවිධ රත්නයට නමස්කාර කර ආශීර්වාදය ලබා ගනී. දැන් ඉන්න උන්ට එවැනි ශ්‍රද්ධාවක් නැත.

ලංකාවට වුණෙත් එයම ය. 2009 පසු පොහොසත් වුණු ලාංකිකයන්ට රට අමතක විය. ජාතිය අමතක විය. ආගම අමතක විය. වල් වනචර විය. සල්ලි ලොකු විය. දිනා ගත් නිදහසේ වටිනාකම අමතක විය. ඒ වෙනුවට කුඩු ගහන අමන සමාජයක් නිර්මාණය විය. විකෘති ලිංගික කාමාසාවන් සොයන අශිෂ්ට සමාජයක් නිර්මාණය විය. පාසල් දරුවාගේ පටන් විනයක් නැති විය. බෞද්ධ සිංහල සංස්කෘතියට ගරහන නූගත් අශිෂ්ටයන්ගෙන් පිරි කාලකන්නි ලංකාවක් නිර්මාණය විය. 1996 ලෝක කුසලානය දවසේ ලංකාවේ වැසියන් පිටිය මැද ක්‍රීඩකයන්ට හිතෙන් සුබ පැතුවේ ය. අද ඉන්නේ තරගය අතරතුර ක්‍රීඩකයන්ට කුණුහරුපෙන් බනින නූගත් අවලම් ගොඩේ යූටියුබ්කාරයන් සහ ෆේස්බුක් පේජ්කාරයන්  ය. එදා යුද්ධය අතර තුර රටේ වැසියන් රට වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධියට බාර විය. අද ලංකාවේ එවැනි වැසියන් නැත. ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

Continue Reading

Article

“ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්” රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

’19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාවනොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි’ ඉන් පෙන්වා දී තිබිණි.

ඇතැමෙකු මෙය ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්’ ලෙස ද අර්ථ කථනය කර තිබිණි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.

ඇතැමෙකුගේ තර්කය වී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ පවතින දෝෂයක් නිසා රනිල් වික්‍රමසිංහට සිය ධූර කාලය තවත් මාස 11 දින 28ක් පමණ දීර්ඝ කර ගැනීමේ අවස්ථාවක් ඇති බව ය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර බීබීසී සිංහල කළ විමසීමකදී පළ කළේ, මෙවන් අදහසකි.

“ව්‍යවස්ථාවේ තියෙනවා, අවුරුදු 6ක කාලයක් සඳහා කියලා.පසුගිය ව්‍යවස්ථා සංශෝධනයේදී අවුරුදු 6 කාලය ගැන කියන වගන්තිය සංශෝධනයට ලක් කරල නෑ. ඒ නිසා ඒ ව්‍යවස්ථාමය අවසරය තියෙනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාව තියෙනවා නම් අවුරුද්දක කාලයක් ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න පුළුවන්.”

කෙසේ වෙතත්, මෙවැනි ක්‍රමවේදයක් හරහා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“මම කිව්වේ ව්‍යවස්ථාවෙන් එවැනි අවසරයක් තියෙනවා කියන එක විතරයි. ඒක ක්‍රියාත්මක කරන්න යෝජනාවක්වත් ඇවිල්ලා නෑ,” එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය මෙසේ ය.

‘අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.’ 

ඉහත වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් දක්වා දීර්ඝ කර ගැනීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් මෙන් ම, ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව පෙනී යයි.

මේ අතර, ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට පෙර, ජනාධිපති ධූරයට ‘අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු, ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය,’ යනුවෙන් 40 (1) (අ) වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ.

ධූර කාලය

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ නොවැම්බර් මස 18 වන දා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය.

ඔහු 2022 ජූලි මස 14 වන දා දක්වා එම ධූරය දැරූ අතර, ඔහුගේ වසර 5ක ධූර කාලය අවසන් වන්නේ, 2024 වසරේ නොවැම්බර් මස 17 වන දා ය.

ඉහත දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එම ධූරය දැරිය හැක්කේ, 2024 නොවැම්බර් 17 වන දා දක්වා පමණි.

ව්‍යවස්ථාවේ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගත හැකි ද?

විවිධ තර්ක සහ අදහස්වල දැක්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන දෝෂ හෝ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් ඇත්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එවැනි අවස්ථාවක් කිසිසේත් හිමි නොවන බව ය.

“අපේ වත්මන් ව්‍යවස්ථාවේ තියෙන හැටියට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු පහ යි. 83 වන වගන්තියේ තියෙනවා, අවුරුදු හයකට වඩා දික් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා, ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕන කියලා. නමුත් දැන් කතාව තියෙන්නේ, අවුරුදු 6ට එහා දික් කරන්න නෙවෙයි, අවුරුදු හයකට දික් කරන්න කියලා. ඒ කියන්නෙ ජනාධිපති ධූරය යි, පාර්ලිමේන්තුව යි අවුරුද්ද බැගින් දික් කරන්න.”

ඒ අනුව, එම දිනට පෙර ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වේ.

“මගේ මතය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතරක් ඇතිව ජනමත විචාරණයක් නැතිව, එසේ දික් කළ හැක්කේ, අනාගත පාර්ලිමේන්තුවක හෝ අනාගත ජනාධිපතිවරයෙකුගේ කාලය විතර යි. ඊට හේතුව තමයි, ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා අවුරුදු 5කට බලය දුන්නා ජනාධිපතිවරයෙකුට. ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂට. ඒ වෙලාවෙ ඡන්ද දායකයෝ දැනගෙන හිටියා ඒ ජනාධිපතිවරයාට අවුරුදු 4කින් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ ජනතාව ඡන්දය දුන්නෙ අවුරුදු පහක් ඉන්න ජනාධිපතිවරයෙකුට. මහ මැතිවරණයේදී ඡන්දය දුන්නෙත් අවුරුදු පහකට විතර යි. එතකොට ඒ දෙකේ ම උපරිම කාලය අවුරුදු පහක් කියල තමයි ජනතාව දැනගෙන හිටියේ. එතකොට අවුරුදු පහකට පමණක් පත් කරපු ජනාධිපතිවරයෙකුගේ සහ පාර්ලිමේන්තුවක කාලය දීර්ඝ කරන්න පුළුවන් ද කියන එකයි මම අහන්නේ.” 

“ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන 4 වන වගන්තිවලින් සහතික වන ඡන්ද බලය කියන සංකල්පයට පටහැනිව යනවා. ඡන්ද බලය කියන්නේ ඡන්දය දෙන්න තියෙන බලය විතරක් නෙවෙයි. ඡන්ද බලය කියන්නේ, ජනතාව ඡන්දය පාවිච්චි කළේ කුමක් වෙනුවෙන් ද, ඒක ආරක්ෂා වෙන්න ඕන. අවුරුදු පහක කාලයකට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් කරන්න ඡන්දය දීලා, ජනතාවගෙන් අහන්නෙ නැතුව ඒක අවුරුදු 6කට දික් කරන්න බෑ. ඡන්ද බලය උල්ලංඝණය වන ඕනෑ ම සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය යි,” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය.

ජනමත විචාරණයකින් තොරව ධූර කාලය දීර්ඝ කළොත් ජනතාවට කළ හැක්කේ කුමක් ද?

ඡන්ද බලය උල්ලංඝණය කරමින් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙන් පමණක් ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කළහොත් ජනතාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය.

“අවුරුදු පහක කාලය දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අරගෙන ඒක ගැසට් කරපු ගමන් ඕන ම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය යි කියලා. ඒක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝග කරන්න පුළුවන්.”

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ, ජනමත විචාරණයකට පවා ව්‍යවස්ථාවේ හරය නැති කිරීමට හැකියාවක් නොමැති බව ය.

“මම තර්ක කරන්නෙ ඊටත් එහා තැනක ඉඳන්. මම කියන්නේ, ජනමත විචාරණයක් කියන්නේ මොකක් ද? සියයට 50ක් සහ ඊට වඩා එක වැඩි ඡන්දය යි නේ අවශ්‍ය. ඒකෙන් පුළුවන් ද, ව්‍යවස්ථාවේ හරය නැති කරන්න? ව්‍යවස්ථාවේ පූර්විකාවේ තියෙනවා, අනුල්ලංඝණීය සංකල්පයක් තමයි, අපේ ව්‍යවස්ථාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ජනතාව ඡන්දය දුන්න තත්ත්වයන් වෙනස් කරන්න නම් ජනතාවගෙන් අහන්න ඕනෙ. ඒ අනුව, දැන් ඉන්න අවුරුදු 5කට පත්වූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දික් කරන්න බැහැ,” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ ය.

“ඊළඟට මේ ජනාධිපතිවරයා ඡන්දෙන් පත්වුණ ජනාධිපති කෙනෙකුත් නෙවෙයි. එයත් සැලකිල්ලට ගත යුතු යි. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයෙකුට පුළුවන්, අවුරුදු 4ක් ගිය ගමන් නැවත ජන වරමක් ඉල්ලන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ඒ බලයවත් නෑ. කලින් ජන වරමක් ඉල්ලන්නවත් බැරි මිනිහෙක් කොහොම ද කාලය දික් කර ගන්නෙ?”

(උපුටා ගැනීම – BBC සිංහල සේවය)

Continue Reading
Advertisement
Hot News3 hours ago

කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපතිගෙන් උපදෙස්

Politics3 hours ago

උරුමය වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්

Politics4 hours ago

ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමුවෙයි

Hot News4 hours ago

නොමිලේ දුම්රි‍යෙන් යන්න අවස්ථාවක් හෙට සිට

Hot News4 hours ago

දිවුලපිටිය පොලිසිය ඉදිරිපිට දී ලොරි රථයකින් කාන්තාවක් යට කර පලා යයි

Hot News6 hours ago

වාහන ආනයනයට අවසර ලැබෙන දිනය

Sports8 hours ago

අපිට සමාවෙන්න – මැතිව්ස් මුළු රටෙන්ම සමාව ඉල්ලයි

Hot News8 hours ago

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය 46 වැනි දිනටත්

Sports9 hours ago

කැන්ගරුවන්ට කඩුළු 5ක ජයක්

Hot News10 hours ago

හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

දුම්රිය නියාමක අතරමගදී බිම වැටිලා – දන්නේ ගම්පහදී

Hot News11 hours ago

සංගීත ප්‍රසංගයකදී බිරිඳ සමඟ නර්තනයේ යෙදුණු තරුණයා ගෙල කපා මරා දමලා

World11 hours ago

රුසියන් – යුක්රේන සාම සමුළුව ඇරඹේ

Hot News12 hours ago

අධික උණුසුම නිසා හජ් වන්දනාකරුවන් 06 දෙනෙක් ජීවිතක්ෂයට

Hot News12 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

Hot News12 hours ago

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

World23 hours ago

පිළිකාව සමඟ සටන් කළ කේට් කුමරිය මාස 5කට පසු මහජන උත්සවයකට එක්වෙයි

Hot News23 hours ago

තවත් විදෙස් රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Politics23 hours ago

අපේ උතුරට එකක් – දකුණට තව එකක් නෑ

Politics24 hours ago

උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ මහින්ද රාජපක්ෂ -නාමල්

Hot News24 hours ago

විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය

World1 day ago

මොකක්ද මේ mpox ? දෙවන mpox මරණයත් වාර්තා වෙයි

Politics1 day ago

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

Politics1 day ago

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Politics1 day ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News1 day ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports1 day ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 day ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News1 day ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News1 day ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports1 day ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 day ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 day ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News2 days ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics2 days ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics2 days ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News5 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports6 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News1 week ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics1 week ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics1 week ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports1 week ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News2 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News2 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending