හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අමෙරිකානු ජාතික මවක් සහ දියණියක් නිදහස් කර තිබේ.
ජුඩිත් සහ නටාලි රානන් නම් වූ ඔවුන්, ගැටුම් අතරතුර ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් ප්‍රදේශයේදීයි.
ඔවුන් දෙදෙනා මේ වනවිට ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල පිහිටි හමුදා කඳවුරක් වෙත ගමන් කරමින් සිටින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.