හැටන් නගරයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අවහිර විම හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පිහිටි හැටන් එම්.ආර් නගරයේ වෙලදසැල් රැසක් සහ හැටන් ගාමිණිපුර ජනපදයට පිවිසෙන මාර්ගයේ පිහිටි නිවාස රැසක් (04) දින පස්වරුවේ ජලයෙන් යට විම නිසා එහි පදිංචිකරුවන් දැඩි පිඩාවට පත්විය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගයට හැටන් නගරයේ ජලය ගලා බසින අතර , (04) දින පස්වරුවේ හැටන් ප්‍රදේශයට පැයක පමණ කාලයක් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර වි තිබිම නිසා මෙසේ වෙලදසැල් සහ නිවාස ජලයෙන් යට විය.

වැසි රහිත දිනයන් වලද නගරය හරහා ගලා බසින ජලය එම කාණු පද්ධතිය අවහිර විම නිසා ජනතාව පිඩාවට පත් වු නිසා හැටන් දික්ඔය නගර සභාව විසින් කාණු පද්ධතිය අවහිර වි ඇති ස්ථානය මගහැර වෙනත් ස්ථානයකින් ජලය ගලා බැසිමට අලුතින් කාණු පද්ධතියක් මේ වන විට සකස් කරමින් පවති.

පිඩාවට පත් ජනතාව කියා සිටින්නේ මේ දිනවල පස්වරුවේ හැටන් ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වන නිසා ජලය ගලා බැසිමට හැටන් දික්ඔය නගර සභාවෙන් කපන කාණු පද්ධතිය කඩනමින් කපා නිම කරන ලෙසයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here