හැටන් ප්‍රදේශයට (01) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් නගරයේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
හැටන් නගරය හරහා ගලා බසින කාණු පද්ධති වල නිසිලෙස ජලය ගලා නොබැසිම නිසා බැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා යාම නිසා රථ වාහන වලට මෙන්ම මාර්ගය හරහා ගමන් ගන්නා පදිකයින් දැඩි අසිරුතාවයට පත් වි සිටියි.
හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති අතර , විමලසුරෙන්ද්‍ර ජලාශය (01) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.