හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණියගේ නිවස හොරු ඇතුල් වී රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ සොරාගෙන තිබෙනවා.
මෙලෙස හොරු බිඳ ඇත්තේ බත්තරමුල්ල, වික්‍රමසිංහ පුර පිහිටි දෙමහල් නිවසයි.
නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8ක් ඒ අතර වන බව පොලිසිය සඳහන් කරනව.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ .
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපාරික බෑණා නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව වාර්තා වෙනවා.