අලුත්ගම වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් රූමත් තරුණ කතුන් තුන්දෙනෙකු සමඟ ගිහි ඇඳුමෙන් සැරසී විනෝද චාරිකාවක් ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ හේතුවෙන් ගම්වාසී දායකයින්ගේ විරෝධය නිසා එම විහාරස්ථානය අතහැර යෑමට එම විහාරාධිපති හිමිට සිදුව තිබෙනවා.
ගිහි ඇඳුමකින් සැරසී අදාළ කාන්තාවන් සමඟ මෙම හිමිනම කතරගම, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම ආදී ප්‍රදේශවල විනෝද චාරිකාවක් ගොස් ඇති බව වාර්තා විය.
එම ප්‍රදේශයේ වෙනත් චාරිකාවක එක්ව සිටි ගම්වාසීන් කිහිපදෙනෙකු එය දැක අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
ඒ අනුව චාරිකාව නිම කර විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේ දායකයන් මෙම හිමිනමට විරෝධය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ (29) රාත්‍රියේම උන්වහන්සේ විහාරස්ථානය අතහැර ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.