හිමිනමක් විසින් පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19 ) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකු වන අතර ඔහුට පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් දෙනියාය පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී පසුගිය 16 වන දින පස්වරුවේදි පුද්ගලික ආරවුලක් මත පිහියකින් පහරදි තිබුණි
මෙම පොලිස් නිලධාරියා උඩගොමඩිය කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර සැකකර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමග මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිස් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබිණි.
මෙම ප්‍රේම සම්බන්ධතාවය නවතා දමන ලෙස හිමිනම විසින් පොලිස් නිලධාරියාට අවස්ථා කිහිපයකදි දැනුවත් කොට තිබූ නමුත්
එම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට ඉකුත් 16 වන දින ගොස් සිටියදී සැකකාර හිමිනම විසින් නිලධාරියාට දුරකථනයෙන් පණිවිඩයක් ලබා දී තිබූ බවත්
එ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය
අසළදී හමුවී ඇතැයි සදහන්.
. එම අවස්ථාවේදි සිදුවු බහින් බස්විමකින් දුරදිග යෑමෙන් පසුව සැකකාර හිමිනම විසින් බැගයේ සැගවා ගෙන එන ලද තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහරදි ඇතැයි පොලිසිය කියයි.
. මෙම පහරදීම සිදුකළ සැකකාර හිමිනම දෙනියාය පොලිස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර සැකකාර හිමිනම් මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණි.